Gossips

මැතිවරණයකට යාමේ අවශ්‍යතාවක් නෑ – එස්.බී. දිසානායක

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී. දිසානායක මහතා හෙට වැඩ භාරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
මේ අතර පවතින දේශපාලන වාතාවරණය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවට ජනමත විචාරණයකට හෝ මහ මැතිවරණයකට යාමේ අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළා.
ඔවුන් මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.