මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්රයේ දැනට මතුව ඇති ගැටලූ සදහා කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ මැණික් කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටලූ පිළිබඳව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදී රත්රන් සඳහා පැනවු සියයට 15ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මැණික් ගැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමේ ගැටලූ සහ ප්‍රමාදයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
එමෙන්ම මැණික් ගැරීම සඳහා ඉඩම් නිදහස් කර ගැනීමේදී රාජ්‍ය ආයතන සහ වතු සමාගම් ආශ්‍රිතව මතුවී ඇති ගැටලූකාරි වාතාවරණය පිළිබඳව ද සාකච්ඡා කළ බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ අතරින් විසඳුම් ලබාදිය හැකි ගැටලූ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස නිලධාරින්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර අනෙකුත් ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීමට අදාළ සියලූ පාර්ශ්වයන් ලබන ජූලි මස 12 වනදා නැවත වරක් කැඳවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.