Gossips

මැණික් ගැරූ 3 දෙනෙකු අත්අඩංගුවට

බගවන්තලාව සෙන් විජන්ස් වතු යායේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
28 සහ 30 හැවිරිදි වයස් වල පසුවන ඔවුන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
කැනීම් කිරීම සඳහා උපයෝගි කර ගත් භාණ්ඩ කිහිපයක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.