නිවිතිගල – පාතකඩ – හංගමුව ගඟේ අනවසරෙන් මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ඊයේ එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දීමෙන් පසුව රුපියල් 15,000ක දඩයක් නියම කිරීමෙන් පසුව මුදා හැර තිබෙනවා.
