Gossips

මැණික් ඉල්ලම් තොගයක් සමඟ හැටන් – දික්ඔයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – (ඡයාරූප)

හැටන් – දික්ඔය ප්‍රදේශයේදී බලපත්‍රයක් නොමැතිව මැණික් ඉල්ලම් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඔවුන් ඒ සඳහා යොදාගත් වෑන් රථය සහ උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් – දික්ඔය ප්‍රදේශයේ සිට නෝර්වුඩ් දක්වා මෙම මැණික් ඉල්ලම් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින්.
සැකකරුවන් නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ දික්ඔය නගරයේ නිල නිවසක පිටුපස දික්ඔය ඇළ ආසන්නයේ වලවල් කපා මැණික් ඉල්ලම් ගොඩගෙන ඇති බවයි තොරතුරු හෙළිව ඇත්තේ.
සැකකරුවන් අතර නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ද සිටින බව පොලීසිය සඳහන් කළා.

rn