Gossips

මා ඔය වනසන රෝහල

රටේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ වගකීමක් ලැබෙන්නේ මෙරට රෝහල් පද්ධතියටයි.
එවන් වු රෝහලක්ම අවට ප්‍රදේශයට රෝග පතුරනා රෝග වාහකයක් වීම අවාසනාවක් නොවේද ?
අද සී.අයි.ඒ විමසිල්ල ඒ පිළිබඳවයි
මාවනැල්ල නගරය ආසන්නයෙන් ගලා බසිනා සුන්දර මා ඔය අවට ගම්මාන රැසක ජනතාව තම පානීය ජල අවශ්‍යතා සඳහා මෙන්ම සනීපාරක්ෂක කටයුතු සදහා ද ලබා ගන්නේ මෙම මා ඔයේ ජලයයි.
එවන් අමිල සේවයක් සලසන ඔයේ ජලයට මාවනැල්ල මුලික රෝහලේ මල අපවහන පද්ධතිය හරවා ඇති බවට හිරු සී.අයි.ඒ. වෙත රහසිගත තොරතුරක් ලැබුනා.