මා ඔයේ පා වෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.
අද (03)දහවල් මෙම මළ සිරුර හමුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
හලාවත – පුත්තලම මාර්ගයේ මා ඔය හරහා ඇති පාලමේ සිට නැගෙනහිර දෙසට වන්නට මීටර් 20 ක් පමණ දුරින් සහනගම ගම්මානය පිටුපස කොටසේ මල සිරුර ඇති බව ද වාර්තාවනවා.
මියගිය පුද්ගලයා කාගේ කව්රුන්ද,මිය ගොස් ඇත්තේ කුමන ආකාරයටද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
වෙන්නප්පුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ කටයුතු පවත්වනවා.