ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරඟය හේතුවෙන් මාළිගාවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
අද දහවල් 12.30 සිට තරඟය අවසන් වන තෙක් මාළිගාවත්ත ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය මෙලෙස සීමා කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.
