මාළඹේ – චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ පිහිටි ව්‍යායාම මංතීරුවේ ව්‍යායාම් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා.
අතුරුගිරිය පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් ලද තොරතුරු වලට අනුව අංශ තුනක් ඔස්සේ මේ වනවිට විමර්ශණ ආරම්භ කර ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය ව්‍යාපාරිකයා පාතාල නායක අංගොඩ ලොක්කා සමග සබඳතා පැවැත්වූ අයෙකු බවට ද හෙළිවී තිබෙනවා.
එමෙන්ම මොහුට පසුගිය කාලයේ කප්පම් තර්ජන පැවති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මුල්ලේරියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු සිය බිරිදගෙන් දික්කසාදව සිට ඇති අතර මහ පරිමාණයෙන් මුදල් පොලියට ලබාදීමද සිදුකර ඇති බව හෙලිව තිබෙනවා.
ව්‍යායාම්වල නිරතව සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණේ ඊයේ (25) රාත්‍රියේයි.
