මාළඹේ – චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය කෝටිපති ව්‍යාපාරිකයා පාතාල නායක අංගොඩ ලොක්කා සමඟ සබඳතා පැවැත්වූ අයෙකු බවට හෙළිවී තිබෙනවා.
පොලීසිය පවසන්නේ ඔහු මුදල් පොලියට ලබාදීම ද මහා පරිමාණයෙන් සිදුකළ අයෙකු බවයි.
ඊයේ (25) රාත්‍රියේ මාළඹේ – චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි ව්‍යායාම් මංතීරුවේ ව්‍යායාම්වල නිරතව සිටියදී මෙම ව්‍යාපාරිකයා වෙඩි ප්‍රහාරයට ලක්වුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගිය බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවුණේ.
පොලීසිය පවසන්නේ මෙම ඝාතනය පාතාල කල්ලි අතර ගැටුමක් බවට සැක පහළවී ඇති බවයි.
මියගිය ව්‍යාපාරිකයා මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්.
