Gossips

මාස 8 ක බිළිඳියක් ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන විමර්ශන ඇරඹේ

පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සිටි මාස 8 ක බිළිඳියක ළිඳකට දමා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ පෙරවරුවේ අදාළ බිළිඳිය නිදි කරවා ඇගේ මව නිවසින් පිටතට ගොස් ඇති අතර, ආපසු පැමිණ බැලීමේදී දැරිය එහි නොසිටින බැවින් අසළ තිබූ ළිඳෙහි බිළිඳිය වැටී සිටිනු දැක තිබෙනවා.
පසුව ඒ පිළිබඳව අසළ කඳවුරක සේවය කළ යුද හමුදා නිලධාරීන්ට දැනුම්දී ඇති අතර, ඔවුන් පැමිණ බිළිඳිය ගොඩට ගෙන රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ සිටි කාන්තාවගේ ඥාතිවරියක අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අදාළ බිළිඳිය ළිඳට දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.