Gossips

මාස 7 ක් වයස බිළිඳා ඝාතනය කළ මවක් සියදිවි නසාගනී

දිඹුලපතන රොසිටා ප්‍රදේශයේ කාන්තාවක් මාස 7 ක් වයසැති බිළිඳා ඝාතනය කර සියදිවි නසාගෙන තිබෙනවා.
බිළිඳා ද නිවසේ එල්ලා ඝාතනය කර ඇති අතර අදාළ කාන්තාව ද නිවස අසල පිහිටි ගසක ගෙළ වැලලාගෙන මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද අලුයම මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කාන්තාවක්.
පවුල් ආරවුලක් හේතුවෙන් ඇය සිය බිළිඳා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බවටයි මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.
මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.