Gossips

මාස 6 ක් තුළ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වැටලීම් 25,214 ක්

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුල් මාස 6 තුළ දිවයින පුරා වැටලීම් 25,214 ක් සිදුකර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නීතිවිරෝධී ලෙස මද්‍යසාර ස්ප්‍රීතු නිපදවීම් 1041 ක්, නීතිවිරෝධී මත්පැන් විකිණීම් 4569 ක් සහ සීමාව ඉක්මවා මත්පැන් ගබඩා කර ගැනීම සහ ප්‍රවාහනය පිළිබඳ සිද්ධීන් 13,535 ක් එහිදී වාර්තා වී ඇති බවයි.
මීට අමතරව, මත්ද්‍රව්‍ය අපරාධ වැටලීම් දෙදහසකට වැඩි ප්‍රමාණයක් එම දෙපාර්තමේන්තුව සිදුකර තිබෙනවා.