Gossips

මාස 5ක සිඟිත්තා ඝාතනය කළ කන්දකැටියේ පියා යළි රිමාන්ඩ්

කන්දකැටිය – මුඩගමුව ප්‍රදේශයේදී පොලු පහරකින් සිඟිත්තෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියා ලබන මස 06 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
බහින්බස් වීමක් දුරදිග ගොස් මොහු සිය බිරිඳට එල්ල කළ පොලු පහරක් ඇයගේ ඇකයේ සිටි මාස 05ක් වයසැති බිළිදාට වැදී තිබුණේ පසුගිය 12 වන දායි.
මෙම සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි සැකකරු ඊට දින 03කට පසුව ඔහුගේම නිවසේ සැඟව සිටියදී කන්දකැටිය පොලීසිය අත්අඩංගුවට ගත්තා.