Gossips

මාස 4ක් තුළ කෝටි 32ක රත්‍රං රේගු භාරයට

වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් මුහුදු මාර්ගය ඔස්සේ රුපියල් කෝටි 32ක් පමණ වටිනා රත්‍රං නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ සුනිල් ජයරත්න පවසනවා.
එමෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා රත්‍රං කිලෝග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් රැගෙන යාමට උත්සාහ කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 78ක් වනවා.
එම අත්අඩංගුවට ගැනීම්වලදී රුපියල් ලක්ෂ 6ක දඩ මුදලක් රජයට අය කර ගනු ලැබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ සුනිල් ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ (27)රාත්‍රියේ ද රුපියල් ලක්ෂ 89ක් වටිනා රත්‍රං තොගයක් ඉන්දියාවේ මුම්බායි නුවර බලා රැගෙන යාමට පැමිණි කාන්තාවන් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුවන් ගාල්ල, කොළඹ සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
මේ අතර, රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමඟ 32 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අද (28) අලූයම ඇය තායිලන්තය බලා යාමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ සුනිල් ජයරත්න කියා සිටියේ.