Gossips

මාස 2 ක් තුළදී බස්නාහිරට පුටු ගන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් නියෝග

බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට අවශ්‍ය පුටු මාස දෙකක් ඇතුළත දේශීය ආයතනයකින් ලබාගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
බස්නාහිර පළාත් සභාවට රුපියල් හය ලක්ෂ 44,000 ක වටිනාකමින් යුත් පුටු ගෙන්වීම සම්බන්ධයෙන් පසුගියදා දැඩි කතා බහක් ඇති වූ අතර, පසුව දෝෂ ගණනාවක් පැවතීම හේතුවෙන් එම ඇණවුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පියවර ගත්තා.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු අනාවරණ කළේ රුපියල් හය ලක්ෂ 44,000 ක මුදලක් එක් පුටුවක් සඳහා වැය වන බවට සඳහන් කර තිබුණද, ඊට නියමිත බදු එකතු වූ විට පුටුවක මිල රුපියල් අට ලක්ෂ 44,000 ක් වන බවයි.
බස්නාහිර පළාත් සභාව සඳහා එකක් රුපියල් හයලක්ෂ හතලිස් දහසක් වටිනා පුටු ස්පාඤ්ඤයෙන් ඇණවුම් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පසුගියදා පියවර ගැනීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණේ ඒ පිළිබඳව සෙයා බලා එම පුටු ඇණවුම තාවකාලිකව අත්හිටුවන ලෙසටයි.
ඒ සමඟයි බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට පුටු මිලදී ගැනීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇතිවුණේ.