Gossips

මාස 07 කට පසු අමිත් විරසිංහට ඇප

මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මාස 07කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට මහනුවර මහාධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා.
ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මෙලෙස ඇප නියම කළ බවයි සිංහලයේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පසුගිය මාර්තු මස ඇති වූ මෙම නොසන්සුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පුද්ගලයින් 280 දෙනෙකු පමණ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.