Gossips

මාස දෙකකදී ඩෙංගු රෝගීන් 9652 ක්

පසුගිය මාස දෙක තුළදී ඩෙංගු රෝගීන් 9652 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර කියා සිටියේ මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,786 ක් වාර්තා වී ඇති බවයි.
මෙම ඩෙංගු රෝගීන්ගෙන් සියයට 33 යි දශම 8 ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
ලබන මස පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දනය කිරීම සදහා දුමායන කටයුතු සිදුකරන බව ද ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර කියා සිටියා.