Gossips

මාස තුනකින් මහපොළ නැහැ – සරසවි සිසුන්ගෙන් චෝදනා

මාස තුනක කාලයක සිට තමන්ට මහපොළ ශිෂ්‍යාධාරය නොලැබෙන බවට විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ගේ ජාතික එකමුතුව චෝදනා කරනවා.
එහි සාමාජික නිහාර දේදුගල සාමාජික නිහාර දේදුගල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහපොල ශිෂ්‍යත්ව අරමුදලේ අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාරගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ ගෙවීම් නියමිත පරිදි ජූලි මස අවසානය තෙක් ගෙවා ඇති බවයි.