Gossips

මාස කිහිපයක දිගු නිහැඬියාවකින් පසු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ඉදිරි තරඟ සඳහා සුපිරි ක්‍රීඩකයෙක් පිටියට

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉතිරි එක්දින ජාත්‍යන්තර තරඟ දෙක සඳහා දකුණු අප්‍රිකානු පිළට ඒඞ්න් මාක්‍රම් සහ හෂීම් අම්ලා යළි කැදවා ඇති අතර, ප්‍රබල පිතිකරුවෙකු වූ ජේ.පී. ඩුමිනි ද ඊට එක්වනු ඇතැයි වාර්තා වනවා.
දකුණු අප්‍රිකාව මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා සිය කණ්ඩායම තෝරා ගැනීමේ ක්‍රියාවලියේ නිරත වන අතර ඩුමිනි කණ්ඩායමට එක් කර ගැනීම ද එහි පියවරක් ලෙස සැලකිය හැකියි.
ඔහු දකුණු අප්‍රිකානු පිළට එක්වන්නේ මාස හතර හමාරක විරාමයකින් අනතුරුවයි.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා කායික ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ඉතිරි එක්දින තරඟ දෙක සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළා.