Gossips

මාස අටක බිළිඳෙකු වව්නියාවේදී පැහැරගැනේ (ඡායාරූප)

වවුනියාව ගුඞ්ෂෙඞ් මාර්ගයේ පළමුවන හරස් වීථියේ නිවසක සිටි මාස 8 ක් වයසැති දරුවෙකු අද අලූයම කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
වෑන් රථයකින් පැමිණි තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩාවැදී දරුවා පැහැරගෙන ගිය බවයි ඔහුගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර ඔහු සහ අදාළ කාන්තාව අතර පවුල් ආරවුලක් පවතින බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
මේ හේතුවෙන් දරුවාගේ පියා විසින් කණ්ඩායමක් යොදවා දරුවා පැහැරගෙන යන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
දරුවා සොයා වවුනියාව පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.