Gossips

මාවෙයි සහ බ්‍රිතාන්‍ය නියෝජිතයින් රහසිගත සාකච්ජාවක

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අතර, ඊයේ රහසිගත සාකච්ඡාවක් යාපනයේදී පවත්වා තිබෙනවා.
මාධ්‍යයට විවෘත නොවූ මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පමණක් සිට ඇති අතර ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කිසිවෙකුත් ඊට සහභාගි වී නැහැ.
කෙසේ වෙතත්, සාකච්ඡාව අවසන් වීමෙන් පසු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත්තේ උතුරේ වත්මන් තත්ත්වය පිලිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.
එම සාකච්ඡාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් කිසිවක් ප්‍රකාශ කර නැහැ.
මෙම සාකච්ඡාවට පෙර බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ද හමුව තිබෙනවා.
ඉන් අනතුරුවයි ඔවුන් ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හමුවී සාකච්ඡා කර ඇත්තේ.