Gossips

මාවුස්සාකැලේ ජලාශයේ 16 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් (ඡායාරූප)

මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ පාසල් සිසුවියකගේ මළ සිරුරක් මස්කෙළිය පොලීසිය මගින් අද (04) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගෙන ඇත්තේ දින තුනක කාලයක සිට නිවසින් අතුරුදන්ව සිටි බව කියන 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මළ සිරුරක්.
අදාල මළ සිරුර මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් වතුයායේ පදිංචිව සිටි සෞන්දර්රාජ් ගීතලා නමැති පාසල් සිසුවියගේ බවට ඇයගේ දෙමව්පියන් විසින් හඳුනාගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
මැය දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බවට මස්කෙළිය පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
මෙම සිසුවිය ඉකුත් වසරේ දෙසැම්බර් මස පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රථිපල අපේක්ෂාවෙන් සිට ඇති බව සඳහන්.

ඡායාරූප – මස්කෙළිය, ගාමිණී බණ්ඩාර