යාපනය – කොට්ටඩි ප්‍රදේශයේදි ගංජා මිශ්‍ර මාවා නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු සතුව තිබී මාවා කිලෝ 17 යි ග්‍රෑම් 569 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මොහු යාපනය – ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්.
