මාවනැල්ල – මයුරපාද ජාතික පාසලෙහි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමින් දෙමව්පියන් පිරිසක් මේ වන විට නිහඬ විරෝධතාවක නිරත වනවා.
ඔවුන් කියා සිටියේ පළමු ශ්‍රේණියට ඉල්ලූම් පත් යොමු කළ පාසල අවට පදිංචි සිසුන් කිහිප දෙනෙකු ඇතුළත් කර නොගැනීමට පාලන අධිකාරිය කටයුතු කර ඇති බවයි.
