Gossips

මාවනැල්ල – පහළ කඩුගන්නාවේදී, බස් රථයක් පෙරළී, කොන්දොස්තර මරුට – 43කට තුවාල

මාවනැල්ල – පහළ කඩුගන්නාව – අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් එක් අයෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලැබුවා.
ඊයේ රාත්‍රී 9.15ට පමණ අට්ඩාලච්චේන ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව පෙරළී යාමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 32ක් වයසැති අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි මෙම බස් රථයේ කොන්දොස්තරවරයා ලෙස සේවය කළ පුද්ගලයායි.
තුවාල ලැබූවන්ගෙන් 35 දෙනෙකු මාවනැල්ල රෝහලේත්, 6 දෙනෙකු මහනුවර රෝහලේත්, දෙදෙනෙකු පේරාදෙනිය රෝහලේත් ප්‍රතිකාර ලබනවා.
අට්ඩාලච්චේන ප්‍රදේශයේ ගුරු විද්‍යාලයක පිරිසක් අලුත්ගම ප්‍රදේශයට අධ්‍යාපන චාරිකාවක් සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය වන අවස්ථාවේදී බස් රථයේ 50 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

rn