මාවනැල්ල – ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අද අලූයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට ඇතුළත් කළ බවයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 37 හැවිරිදි මහනුවර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
