Gossips

මාවනැල්ලේ පුද්ගලයෙකුට වෙඩි තැබීම ගැන පොලිස්පති නියමයෙන් CID පරීක්ෂණ අරඹයි

මාවනැල්ලේ මොහොමඩ් තෆ්ලින් නැමැත්තාට වෙඩි තැබු සිද්ධිය ගැන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
මාවනැල්ල – දනාගම ප්‍රදේශයේදී පසුගිය 9 වනදා අලුයම 5ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් සිදු කල වෙඩි තැබීමකින් 37 හැවිරිදි මෙම පුද්ගලයා තුවාල ලැබුවා.
ඔහු එම්.එල්.එම්. තෆ්ලින් නැමැති සත්ත්ව ගොවිපළක් පවත්වාගෙන ගිය මාවනැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මොහු තම නිවසේ කාමරයක නිදා සිටියදී කාමරය තුළට පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු තුවාලකරු මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු යවා තිබෙනවා.