Gossips

මාල සොරකම් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසින් විසින් පොලිසියට භාරදෙයි

බළන්ගොඩ නගරයේ පිහිටි රන් භාණ්ඩ වෙළඳසැලකට අද (02) දහවල් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට එම වෙළඳසැලේ තිබු රන් මාල සහිත පෙට්ටියක් සොරාගෙන පලාගොස් තිබෙනවා.
සොරකම් කල රන් මාල පෙට්ටියේ වටිනාකම තුන් ලක්ෂ පනස්හත් දහසක් පමණ වන බවයි වෙළඳසැල් හිමිකරු පවසා සිටියේ.
මෙලෙස පලාගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රදේශවාසින් විසින් දොරවෙල ප්‍රදේශයේදී අල්ලා ගෙන පොලිසියට භාරදී තිබෙනවා.
එම සැකකරු බලන්ගොඩ වේවැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පලාගිය අනෙක් සැකකරු සොයා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ, අතර මාල පෙට්ටිය සොරාගෙන සැකකරුවන් පලායන ආකාරය අසල පිහිටි වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා.
එමෙන්ම එක් සැකකරුවෙකු කොටුකර ගත් අයුරු කිසියම් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණා.
එම වීඩියෝව පහතින්.