Gossips

මාලි රාජ්‍යයේදී මියගිය කපිතාන්වරයා සහ කෝප්‍රල්වරයාගේ දේහ කඩිනමින් දිවයිනට

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය කපිතාන්වරයාගේ සහ කෝප්‍රල්වරයාගේ දේහයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා බව යුද හමුදාව පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බවයි.
අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර ඊයේ උදෑසන සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ප්‍රහාරයෙන් තවත් ශ්‍රී ලාංකික සෙබළුන් තුන්දෙනෙකු තුවාල රෝහල් ගත කරනු ලැබුවා.
දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියා කරන බෝම්බයක් පුපුරුවා හැර මෙම ප්‍රහාරය එල්ල වුණේ ශ්‍රී ලංකා භට කණ්ඩායම ගමන් කළ සංග්‍රාමික රථයක් ඉලක්ක කර ගෙනයි.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ කපිතාන්වරයා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි එච්.ඩබ්ලිව්. ජයවික්‍රම නමැත්තෙක්.
ඔහු 11 වන පාබල රෙජිමේන්තුව යටතේ සේවය කළ අයෙකු බව ද යුද හමුදාව ප්‍රකාශ කළා.
ජීවිතක්ෂයට පත්වූ සෙසු කෝප්‍රල්වරයා කුරුණෑගල – පොල්පිතිගම පදිංචි එස්.එස්. විජේකුමාරයි.
ඔහු පළමු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ අයෙක්.