Gossips

මාලි රාජ්‍යයේදී බෝම්බ ප්‍රහාරයකින් මියගිය යුද හමුදා නිලධාරින්ගේ දේහය 2 වනදා දිවයිනට

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය යුද හමුදා නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ලබන මස 2 වනදා දිවයිනට රැගෙන එන බව යුද හමුදාව ප්‍රකාශ කළා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ එදින පස්වරු 3 ට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත දේහයන් රැගෙන එන බවයි.
එහිදී දේහයන්ට විශේෂ හමුදා උත්තමාචාරයක් ද පිරිනැමීමට යුද හමුදාව කටයුතු යොදා තිබෙනවා.
ජගත් සාම සාධක හමුදාවේ රාජකාරියේ නිරත භට පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණේ පසුගිය 25 වනදායි.
ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ගමන් කළ සංග්‍රාමික රථයක් ඉලක්ක කරගෙන දුරස්ථ පාලකයක් මගීන් ක්‍රියා කරන බෝම්බයක් එහිදී පුපුරුවා හැර තිබුණා.
අල්ඛයිඩා සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත කල්ලියක් එල්ල කළ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් ද හෙළා දකිනු ලැබුවා.