Gossips

මාලි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වූ හමුදා නිලධාරීන් දෙදෙනාගේ දේහ දිවයිනට

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ දේහ අද පස්වරුවේ දිවයිනට ගෙන එනු ලැබුවා.
ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන්ගේ දේහ දිවයිනට රැගෙන ආ බවයි.
ජගත් සාම සාධක හමුදාවල රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික භට පිරිසක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය 25 වනදායි.
එහිදී ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ගමන් කළ සංග්‍රාමික රථයක් ඉලක්ක කරගෙන දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරන බෝම්බයක් පුපුරුවා හැර තිබුණා.

(කටුනායක ටී.කේ.ජී.කපිල )