Gossips

මාලියේදී මිය ගිය රණවිරුවන්ගේ දේහ දිවයිනට

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විෙජ්කුමාරගේ දේහ අද පස්වරුවේ දිවයිනට ගෙන එනු ලැබුවා.
ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ. 730 දරණ යානයෙන් අද පස්වරු 3ට ඔවුන්ගේ දේහ දිවයිනට රැගෙන ආ බවයි.
එම දේහ භාර ගැනීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙන්ම මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක හමුදා ප්‍රධානී ස්වීඩන යුද හමුදාවේ ලූතිනන් ජෙනරාල් ඩෙනිස් ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව සඳහන්.
ජගත් සාම සාධක හමුදාවල රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික භට පිරිසක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය 25 වනදා අලූයම් කාලයේදීයි.
එහිදී ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ගමන් කළ සංග්‍රාමික රථයක් ඉලක්ක කරගෙන දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියා කරන බෝම්බයක් පුපුරුවා හැර තිබුණා.
ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ට එල්ල වූ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙන්ම ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් ද හෙළා දකිනු ලැබුවා.
ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ගේ දේහ පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණි මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක හමුදා ප්‍රධානී ලූතිනන් ජෙනරාල් ඩෙනිස් කියා සිටියේ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින්ගේ සේවය ලොව පුරා ජගත් සංවිධාන සාම සාධක මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බවයි.

(කටුනායක ටී.කේ.ජී.කපිල )rn