Gossips

මාලිගෙන් හදිසියේම ප්‍රකාශයක් ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙතරම් දක්ෂතා දැක්වුවත් තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් නොලැබීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට විදෙස්ගතව සිටින මාලි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම තීරණය නිළ වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවයි.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නාද මාලි වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා මාලිංග ඉදිරියේදී පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.