Gossips

මාලිගා වගේ කොළඹ සුපිරි කෑම කඩවල කිසිවෙකු නොදකින ඇතුල්පැත්ත අද එළියට

කොළඹ නගරයේ බොහෝ අවන්හල්වල ඉදිරිපස ඉතාමත් සුඛෝපභෝගී තත්ත්වයේ පැවතුනද ඒවායේ මුළුතැන්ගෙය අපායක සිරි ගන්නා බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
ඔවුන් එසේ පැවසූවේ කොළඹ පිහිටි අවන්හල් රැසක් අද පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද අවන්හල් පරීක්ෂාවක් සිදු කෙරුණා.
ඒ අනුව අද දිනයේ කොළඹ පිහිටි ආපන ශාලා හා අවන් හල් 120 ක් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.