Gossips

මාලිගාවත්තේ වෙඩි තැබීමට හේතුව එළියට

මාලිගාවත්ත – අලාම් ඉක්බාල් මාර්ගයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්කුඩු ජාවාරමක ඇති වු ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.
සිද්ධිය විමර්ශණ කිරිම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් පත් කර ඇති අතර මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කුඩු භානු නමැති කාන්තාවගේ බාල සහෝදරයා බවයි.
ඊයේ රාත්‍රී සිදු වු මෙම වෙඩි තැබිමෙන් ජිවිකත්ෂයට පත් වුයේ සාවුල් හමීඩ් මොහොමඩ් නිප්‍රාස් හෙවත් නිප්පු යන 31 ක් හැවිරිදි පුද්ගලයෙක්.
මොහු මත්කුඩු අලෙවි කිරිමේ චෝදනාවකට බන්ධනාගාර ගතව පසුගියදා නිදහස් වී පැමිණි අයෙකු බව පොලිසිය කියා සිටියා.
මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පිටරට සිට මෙහෙයවන්නේ යැයි කියන මෙරට ක්‍රියාත්මක පාතාල සාමාජිකයින් පිළිබඳ විස්තර පොලිස් බුද්ධි අංශ විසින් විමර්ශනයට ලක් කරමින් ඇති බවයි.
නුදුරේදීම මෙරට සිටින ප්‍රබල පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට මෙන්ම විදෙස් ගතව සිටින පාතාල නායකයින් ජාත්‍යන්තර පොලිීසියේ සහය ඇතිව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මූලික පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදුකරන බව ද එහි තවදුරටත් දැක්වෙනවා.