Gossips

මාලිගාවත්තේ පහරදීමකින් තිදෙනෙකු රෝහල් ගත කරයි

මාලිගාවත්ත ලී මෝල හංදිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි බීමත් පුද්ගලයින් කිහිප දෙනෙක් සහ ප්‍රදේශවාසින් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ ගැටුමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කල බවයි.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු අද පෙරවරු 9.30 ට පමණ මාලිගාවත්ත – ලී මෝල හංදිය ප්‍රදේශයේදී සිය මෝටර් රිය නවත්වාගෙන අධික ශබ්දයෙන් යුතුව මෝටර් රියේ ගීත අසමින් සිට තිබෙනවා.
පසුව ප්‍රදේශවාසියෙකු ශබ්දය අඩුකර ගීත අසන ලෙස පැවසීමත් සමග මෝටර් රථයේ සිටි තිදෙනෙකු එම පුද්ගලයාට පහරදී තිබෙනවා.
පසුව ප්‍රදේශවාසීන් එක්ව මෝටර් රථයේ සිටි පිරිසට පහරදී ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඔවුන් අධික ලෙස බීමතින් සිටි බවයි.
පසුව මෝටර් රථයේ පැමිණි පුද්ගලයින් තිදෙනා රෝහල් ගත කර ඇති අතර ඔවුන්ට පහරදුන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.