Gossips

මාලිංග 500 පනී

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ මේ වන විට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණා.
මාලිංග මෙම කඩුලු 05 දවාගත්තේ පන්දුවාර 10 තුලදී ලකුණු 44ක් පමණක් ලබා දෙමින්.
ජේසන් රෝයි, ඉයෝන් මෝගන්, මොයින් අලී, ක්‍රිස් වෝකස් සහ ලියම් ඩේව්සන් අද තරඟයේදී මාලිංගගේ ගොදුරු බවට පත් වුණා.
ඔහු අද දවාගත් කඩුලු 05ත් සමඟ ජාත්‍යන්තර එක්දින පිටිය තුළ තරඟයකදී කඩුලු 05 බැගින් දවාගත් අවස්ථා ගණන 08ක් දක්වා ඉහළ යනවා.
මේ අතර මාලිංග අද බිඳ හෙලූ මෙම කඩුලු 05ත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල බිඳ දැමූ කඩුලු ගණන පන්සියයේ සීමාව පසුකර යාමද විශේෂත්වයක්.
ඒ අනුව ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරඟ වලදී මාලිංග බිඳහෙලා ඇති සමස්ත කඩුලු ගණන 502ක්.