Gossips

මාලිංග ලැබුණු අවස්ථාව ගැන කියයි

පසුගිය වසර එකහමාරක කාලය තුළ තේරීම් කමිටුවට තමා පිළිබඳ සැළසුමක් නොතිබූ බව ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
එහෙත් තමාට දැන් අවස්ථාවක් ලැබී ඇති බවයි ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.
තමා තවමත් ලසිත් මාලිංග බව තහවුරු කිරීම තම අපේක්ෂාව බව ඔහු එමඟින් අවධාරණය කළා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දඹුල්ලේ ඊයේ පැවති දෙවන එක්දින තරගයේදි මාලිංග සුපුරුදු දස්කම් දක්වමින් ලකුණු 44 කට එංගලන්ත කඩුලූ 5 ක් බිඳ හෙලීමට සමත්වුණා.
එංගලන්ත පිලේ ප්‍රබල පිතිකරුවන් වන ජේසන් රෝයි සහ ලකුණු 92 ක් රැස් කළ ඔයන් මෝගන් ද දැවී ගියේ ලසිත් මාලිංගගේ පන්දුවලටයි.