Gossips

මාලිංග යළි අවස්ථාවක් ?

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරඟාවලිය ක්‍රීඩා කරනු ඇති බවට තමන් බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පවතී තුන්වන එක්දින තරඟයෙන් පසු පැවති මාධ්‍ය සකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
කෙසේ වෙතත් තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු හා කණ්ඩායම් නායකයාගේ තීරණය මත මාලිංගගේ සහභාගීත්වය තීරණය වන බව ඔහු සඳහන් කළා.
එහිදී තිලාන් සමරවීර වැඩිදුරටත් පවසා සිටියේ මාලිංග ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ සිටින බවයි.