Gossips

මාලිංග ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හතරක් කැනඩාවට

කැනඩාවේදී පැවැත්වීමට නියමිත ග්ලෝබල් T20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහභාගී වන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ලසිත් මාලිංග, තිසර පෙරේරා, ඉසුරු උදාන සහ දසුන් ශානක මෙම තරඟාවලිය නියෝජනය කරන බවයි වාර්තා වන්නේ.
ලබන 28 වනදා ආරම්භවන මෙම තරඟාවලියට ක්‍රිස් ගේල්, ඩැරන් සමී, සහිඩ් අෆ්රිඩි සහ මේ වන විට ඕස්ට්‍රේලියානු තරඟ තහනමකට ලක්ව සිටින ස්ටිව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක් එක්වන බව සඳහන්.
එළඹෙන 28 වනදා සිට ජූලි 15 වනදා දක්වා කැනඩාවේදී මෙම තරඟාවලිය පැවැත්වෙන අතර මේ සඳහා කණ්ඩායම් 06ක් තරඟ වැදීමට නියමිතයි.