Gossips

මාලිංග අභිබවා පොඩි මාලිංග දස්කම් දක්වයි

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගන්නට NCC ක්‍රීඩා සමාජය අද(08) සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී CCC ක්‍රීඩා සමාජය තියුණු තරගයකින් පසු ලකුණු 6කින් පරාජය කරමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් NCC ක්‍රීඩා සමාජය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස්කළා.
භානුක රාජපක්ෂ ලකුණු 79යි.
මහේල උඩවත්ත ලකුණු 68යි.
පන්දු යැවීමේදී පොඩි මාලිංග ලෙස දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රකට නුවන් තුෂාර ලකුණු 32කට කඩුලු 4ක් බිදහෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල CCC කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 3කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 177ක් පමණයි.
සචිත් පතිරණ ලකුණු 47ක් සහ වනිදු හසරංග ලකුණු 42ක් රැස්කළා.
පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 4ක් දවාගත් අතර ලහිරු කුමාර කඩුලු 3 ක් දවාගත්තා.
ලසිත් මාලිංග සිය පන්දුවාර 4 නිමා කලේ ලකුණු 36කට එක් කඩුල්ලක් දවාගනිමින්.