Gossips

මාලිංගගේ තීරණයට නවසීලන්තයෙන් දරුණු ප්‍රතිචාරයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන අවසන් තරඟය මේ අද නෙල්සන් හිදී ආරම්භ වුණා.
තරඟයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි.
එහිදී නවසීලන්තය වෙනුවෙන් රෝස් ටේලර් සිය 20 වන එක්දින ශතකය අද වාර්තා කළා.
රෝස් ටේලර් ලකුණු 137 කට දැවී ගියේ ලසිත් මාලිංගගේ පන්දුවකට ධනංජය ද සිල්වා වෙත උඩපන්දුවක් ලබා දෙමින්.
කෙන් විලියම්සන් ලකුණු 55ක් රැස්කළ අතර කොලින් මුන්රෝට රැස්කරගත් හැකි වුයේ ලකුණු 21ක් පමණයි.
පන්දු යැවීමේදී ලසිත් මාලිංග මේ වනවිට කඩුලු 03ක් බිඳ හෙලා ඇති අතර නවසිලන්ත කණ්ඩායම මේ වනවිට ලකුණු 300 සීමාව පසුකර තිබෙනවා.