Gossips

මාලදිවයින, චීනය සමග අත්සන් කළ නිදහස් වෙළද ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කරයි

චීනය සමග අත්සන් කර ඇති නිදහස් වෙළද ගිවිසුමෙන් ඉවත් වීමට මාලදිවයින් නව රජය සැලසුම් කරන බව එරට පාලක පක්ෂයේ නායක මොහොමඩ් නජිබ් පවසනවා.
කුඩා රාජ්‍යයක් ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සමග එවැනි වෙළද ගිවිසුමකට එළඹීම අත්වැරැද්දක් ලෙස තමන් විශ්වාස කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
පිටු දහසකින් සමන්විත මෙම නිදහස් වෙළද ගිවිසුම එරට පාර්ලිමේන්තුව තුල පසුගිය රජය අනුමත කරගෙන ඇත්තේ විවාදයකින්ද තොරවයි.