ඒ ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර ගැනීමෙන් අනතුරුවයි. හිටපු ජනාධිපතිවරයා පිළි ගැනීම සදහා එරට නව ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඊබ්‍රාහිම් මොහොමඞ් සොලේ ඇතුළු විශාල පිරිසක් මාලේ ගුවන්තොටුපල වෙත පැමිණ සිටියා.
හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලන සමය තුළ මොහොමඞ් නෂීඞ්ට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු පැවරූ අතර, ඔහුට වසර 13 ක සිරදඩුවම් නියම වුණා.
එහෙත්, එම චෝදනා දේශපාලන හේතුන් මත ගොනුකර ඇති බව ජගත් සංවිධානය පවා ප්‍රකාශ කළා.
2016 වසරේදී නෂීඞ් මාලදිවයිනෙන් නික්මුණේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා අධිකරණයේ අවසරය හිමිවීමෙන්.
ඊයේ නැවත මාලදිවයිනට පැමිණි නෂීඞ්ට නව රජයේ හිමිවන කාාර්ය භාරය කුමක් ද යන්න මෙතෙක් පැහැදිලි නැහැ.
