මාලදිවයින තුළ ඇති වී තිබෙන අර්බුදකාරි තත්ත්වයට මැදිහත් වන ලෙස එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉන්දියාවෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
දැනට අත්අඩංගුවේ පසුවන දේශපාලන රැදවියන් නිදහස් කර ගැනීම සදහා හමුදා කණ්ඩායමක් මාලදිවයිනට පිටත් කර යවන ලෙසයි ඔහු ඉන්දියාවෙන් ඉල්ලා ඇත්තේ.
එමෙන්ම, මාලදිවයින සමඟ මූල්‍ය ගණුදෙනු සිදුකිරීම අත්හිටුවන ලෙස මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබෙනවා.
