Gossips

මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් මූල්‍ය විශුද්ධිකරණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය මගින් ඊයේ නියෝගයක් නිකුත් කළා.
පසුගිය සැප්තැම්බරයේ පැවති මැතිවරණයට පෙර ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඊබ්‍රාහිම් සොලීට එරෙහිව අධිකරණයේදී සාක්ෂිකරුවන්ට අල්ලස් ලබාදීමට ද ඔහු උත්සාහ කළ බවටයි චෝදනා එල්ල වන්නේ.
අධිකරණය මගින් හිටපු ජනපති අබ්දුල්ලා යමීන් සතු දේශීය බැංකු ගිණුම්වල ඇති ඩොලර් මිලියන 6.5ක මුදලක් දැනටමත් අත්හිටුවා ඇති බව සඳහන්.
2013 වසරේදී බලයට පැමිණි අබ්දුල්ලා යමීන් සිය ප්‍රතිවාදීන් රැසක් සිරගත කළ අතර, හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ද ඒ අතර වනවා.