Gossips

මාලදිවයින් හිටපු ජනපති සියළු චෝදනාවලින් නිදහස්

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සියළු චෝදනාවලින් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා.
ඒ අනුව 2015 වසරේදී ඔහුට වසර 13ක සිර දඬුවම් නියම කිරීමට පාදක වූ ත්‍රස්ත චෝදනා ද ඉවත් කෙරෙනු ඇති.
2016 වසරේ මාලදිවයිනෙන් නික්මීමට සමත් වූ මොහොමඩ් නෂීඩ් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ වාසය කළ අතර නැවතත් සිය රටට පැමිණියේ ඒකාබද්ධ විපක්ෂය මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුවයි.
හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ට එරෙහිව අදාළ චෝදනා නීතිවිරෝධී ලෙස ගොනු කර ඇති බව මාලදිවයින් අගවිනිසුරුවරයා ඊයේ ප්‍රකාශ කළා.