Gossips

මාලදිවයින් ජනාධිපතිවරණය ජයගත් විපක්ෂ අපේක්ෂකයාට ලක් රජයේ සුබපැතුම්

මාලදිවයින් ජනාධිපතිවරණය ජයගත් විපක්ෂයේ පොදු අපේක්ෂක ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලිට ලක් රජය සුබපැතුම් එක්කර තිබෙනවා.
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒමට ඉදිරියටත් සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.
නිදහස්, සාධාරණ හා සාමකාමී, සාර්ථක ජනපතිවරණයක් පැවැත්වීම පිළිබඳව මාලදිවයින් රජයට සහ ජනතාවට ප්‍රශංසා පුද කරන බවද එහි සඳහන්.