Gossips

මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් විපක්ෂ නායක හමුවෙයි

මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.
ඒ, විජේරාමයේ පිහිටි නිල නිවසේදීයි.
ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සදහා යාත්‍රා කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ ධීවරයින් 25 දෙනා නියෝජනය කරමින් ධීවර සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියේ අද පෙරවරුවේයි.